Tuesday, February 24, 2026

TOPIK II Intermediate Level - Lesson 1

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
A-다고 하다, V-ㄴ다고 하다/는다고 하다, N(이)라고 하다

තව කෙනෙක් කියපු දෙයක් කියන්න භාවිතා කරයි.

받침 X 받침 O
형용사 바쁘다
-> 바쁘다고 해요
어럽다
-> 어렵다고 해요
동사 가다
-> 간다고 해요
먹다
-> 먹는다고 해요
명사 학교
-> 학교라고 해요

-> 책이라고 해요

예)한국 음식이 매워요. (කොරියානු කෑම සැරයි.) -> 친구가 한국 음식이 맵다고 해요. (යාළුවා කියනවා කොරියානු කෑම සැරයි කියලා.)

මෙය යාළුවාගේ සාමාන්‍ය මතයක් ගැන කියන විට භාවිතා කරයි. උදාහරණයක් ලෙස, ඔබේ යාළුවා කොහොමත් සැර කෑම කන්න කැමති නැති කෙනෙක් නම්, ඔහු නිතරම කියන දෙයක් ගැන විස්තර කිරීමට මෙය යොදා ගනී. "එයා සාමාන්‍යයෙන් කියන්නේ කොරියානු කෑම සැරයි කියලා."


친구가 한국 음식이 맵다고 했어요. (අතීත කාලය)
"යාළුවා කිව්වා කොරියානු කෑම සැරයි කියලා." මෙය අතීතයේ සිදුවූ නිශ්චිත අවස්ථාවක් (Specific event) ගැන කියන විට භාවිතා කරයි. උදාහරණයක් ලෙස, ඊයේ රෑ කෑම කන ගමන් යාළුවා කිව්වා නම් "මේ කෑම හරිම සැරයි" කියලා, ඒ සිද්ධිය ගැන අද කියද්දී මෙය භාවිතා කරයි. "එයා (ඊයේ/ගිය සතියේ) කිව්වා කොරියානු කෑම සැරයි කියලා."

A/V + 았다고 / 었다고 / 했다고 하다

මෙය භාවිතා කරන්නේ යම් ක්‍රියාවක් අතීතයේ සිදුවූ බව හෝ යම් දෙයක් අතීතයේ පැවති බව උපුටා දැක්වීමටයි.

· 수진 씨가 어제 학교에 갔다고 해요. (සුජින් කියනවා එයා ඊයේ ඉස්කෝලේ ගියා කියලා.)
· 동생이 어제 공부했다고 해요. (මල්ලි කියනවා එයා ඊයේ පාඩම් කළා කියලා.)
N + 이었다고 / 였다고 하다

මෙය භාවිතා කරන්නේ යම් කෙනෙක් හෝ දෙයක් අතීතයේ කවුරුන් වී සිටියාද / කුමක් වී තිබුණාද යන්න උපුටා දැක්වීමටයි.

· 아버지가 옛날에 학생이었다고 해요. (තාත්තා කියනවා ඉස්සර එයා ශිෂ්‍යයෙක් වෙලා හිටියා කියලා.)
· 그분이 한국에서 의사였다고 했어요. (ඔහු කිව්වා ඔහු කොරියාවේදී වෛද්‍යවරයෙක් වෙලා හිටියා කියලා)
-(으)ㄹ 거라고 하다 (Future Tense)

මෙය භාවිතා කරන්නේ යම් කෙනෙක් අනාගතයේ යම් දෙයක් කරනු ඇති බව හෝ සිදුවනු ඇති බව පැවසූ විටයි. මෙය සාමාන්‍ය අනාගත සැලැස්මක් හෝ අනාවැකියක් විය හැක.
"...කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා / ...කරාවි කියලා කිව්වා."

친구가 내일 올 거라고 했어요. (යාළුවා කිව්වා එයා හෙට එයි (එන්න බලාපොරොත්තු වෙනවා) කියලා.)

-겠다고 하다 (කැමැත්ත)

මෙය භාවිතා කරන්නේ කෙනෙක් යම් දෙයක් කිරීමට තදින් තීරණය කර ඇති බව හෝ පොරොන්දු වූ බව පැවසීමටයි. මෙය සාමාන්‍ය අනාගතයට වඩා පුද්ගලික කැමැත්ත ඉස්මතු කරයි.
"...අනිවාර්යයෙන් කරනවා කියලා කිව්වා / ...කරන්නම් කියලා පොරොන්දු වුණා."

수진 씨가 열심히 공부하겠다고 했어요. (සුජින් කිව්වා එයා මහන්සි වෙලා පාඩම් කරන්නම් කියලා.)

V – 아야겠다/어야겠다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ "මම යම් දෙයක් කළ යුතුයි කියලා මට හිතෙනවා / මම තීරණය කරනවා" යන අදහස ප්‍රකාශ කිරීමටයි.
සරලවම කිව්වොත්: "දැන් තත්වේ හැටියට මම මේක කරන්න ඕනේ." (I guess I should / I had better).
මෙය බොහෝ විට තමන්ටම කියාගන්නා දෙයක් (Self-talk) හෝ අලුත් තීරණයක් ගැන කියද්දී භාවිතා වේ.
යම් දෙයක් කිරීම අත්‍යවශ්‍ය බව තේරුම් ගෙන, එය කිරීමට සිතා ගන්නා අවස්ථාවක මෙය යොදා ගනී.
"...කරන්න ඕනේ", "...කළොත් හොඳයි වගේ", "...කරන්න බලාපොරොත්තු වෙනවා (අවශ්‍ය නිසා)".

너무 피곤해요. 일찍 자야겠어요. (හරිම මහන්සියි. වේලාසනින් නිදාගන්න ඕනේ.)

A-다고 들었다,V-ㄴ다고/는다고 들었다,N(이)라고 들었다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ "මම යම් දෙයක් ගැන අසන්නට ලැබුණා / මට ආරංචි වුණා" (I heard that...) යන අදහස ප්‍රකාශ කිරීමටයි.
මෙය 다고 하다 (වෙනත් අයෙක්කිව්වා)හා සමාන වුවත්, මෙහි මූලික අවධානය යොමු වන්නේ තමන්ට ඇසුණු දේ (Hearing/Received information) මතයි.

친구가 다음 달에 결혼한다고 들었어요. (යාළුවා ලබන මාසේ විවාහ වෙනවා කියලා මට ආරංචි වුණා.)
그 식당이 음식을 잘 만든다고 들었어요. (ඒ අවන්හල කෑම හොඳට හදනවා කියලා මට ආරංචි වුණා.)
그분이 의사라고 들었어요. (එයා වෛද්‍යවරයෙක් කියලා මට ආරංචි වුණා.)
A – 대(요),V-ㄴ대/는대(요),N(이)래(요)

මෙය කලින් ඉගෙන ගත් “다고 하다” වල කෙටි ස්වරූපයයි.
කොරියානු භාෂාවේ කතා කරන විට මෙය ඉතා බහුලව භාවිතා වේ.
සිංහල භාෂාවේදී අපි යමක් ආරංචි වූ විට "...ලු" යන්න භාවිතා කරනවාට මෙය සමානයි.

යනවා + ලු = යනවලු
ලස්සනයි + ලු = ලස්සනයිලු
~다고 해요 -> ~대요
~ㄴ다고/는다고 해요 -> ~ㄴ대요 / ~는대요
~(이)라고 해요 -> ~(이)래요
දිගු ස්වරූපය කෙටි ස්වරූපය සිංහල අදහස
맵다고 해요 맵대요 සැරයිලු
간다고 해요 간대요 යනවලු
먹는다고 해요 먹는대요 කනවලු
의사라고 해요 의사래요 දොස්තර කෙනෙක්ලු

යාලුවෙක් එක්ක කතා කරනකොට 요 ඉවත් කරලා නිකම්ම 대,ㄴ대, 래 භාවිතා කරන්න පුළුවන්.

පැවරුම්.

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 지수 씨가 내일은 날씨가 ________.
a. 좋다고 해요
b. 좋는다고 해요
c. 좋으라고 해요
d. 좋냐고 해요
2. 선생님께서 이번 시험이 조금 ________.
a. 어렵다고 하셨어요
b. 어렵는다고 하셨어요
c. 어렵자고 하셨어요
d. 어렵대요
3. 날씨가 너무 춥네요. 따뜻한 옷을 ________.
a. 입어야겠어요
b. 입으려고 해요
c. 입었으면 좋겠어요
d. 입는 게 좋겠어요
4. 한국어 실력을 키우기 위해서 매일 단어를 50개씩 ________.
a. 외우아야겠어요
b. 외워야겠어요
c. 외웠겠어요
d. 외우겠어요
5. 제주도는 경치가 아주 ________.
a. 아름답는다고 들었어요
b. 아름답다고 들었어요
c. 아름다우라고 들었어요
d. 아름답냐고 들었어요
6. 민수 씨가 다음 달에 ________.
a. 결혼한다고 들었어요
b. 결혼하다고 들었어요
c. 결혼하라고 들었어요
d. 결혼하느냐고 들었어요
7. 오늘 날씨가 정말 ________. 모두 외출할 때 조심하세요.
a. 덥대요
b. 덥는대요
c. 더우래요
d. 덥냬요
8. 수미 씨가 요즘 한국 요리를 ________. 나중에 같이 먹으러 가요.
a. 배운대요
b. 배우대요
c. 배우래요
d. 배우냬요

No comments:

Post a Comment

Featured Article

TOPIK II Intermediate Level - Lesson 3

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or im...