මෙම ව්‍යාකරණය භාවිතා කරන්නේ "කතා කරන පුද්ගලයා අතීතයේ යම් දෙයක් කළාට පස්සේ, අලුත් දෙයක් දැක්කා / දැනගත්තා හෝ එහි ප්‍රතිඵලයක් විදිහට යම් දෙයක් සිදුවුණා" කියලා කියන්නයි.
"මම ...කළාම (මෙහෙම වුණා / මේක දැක්කා / මේ ප්‍රතිඵලය ලැබුණා)"
ක්‍රියා පද සමඟ අතීත කාලයේ මූලික රූපයට (았/었/했) කෙලින්ම -더니 එකතු කරනු ලැබේ.
• 가다 → 갔더니 (මම ගියාම / ගියාට පස්සේ)
• 먹다 → 먹었더니 (මම කෑවාම / කෑවට පස්සේ)
• 하다 → 했더니 (මම කළාම)
මෙය අවස්ථා දෙකකදී භාවිතා කරයි.
• 어제 학교에 갔더니 학생이 한 명도 없었어요.
(ඊයේ කැම්පස් එකට ගියාම / ගිහින් බැලුවාම, එක ළමයෙක්වත් හිටියේ නෑ).
• 아침을 안 먹었더니 배가 너무 고파요.
(උදේ කෑම කෑවේ නැති නිසා / නොකා හිටියාම, දැන් ගොඩක් බඩගිනියි).
❌ 수진 씨가 약을 먹었더니 다 나았어요.
✅ 제가 약을 먹었더니 다 나았어요.
ප්‍රධානම වෙනස තියෙන්නේ "ක්‍රියාව කරන්නේ කවුද (Subject)" කියන එක මතයි.
පළමු වාක්‍ය කොටසේ කර්තෘ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙක් හෝ වෙනත් දෙයක් (2nd/3rd Person) විය යුතුයි. (මම හෝ අපි යොදාගත නොහැක).
"මම දැක්කා වෙනත් කෙනෙක් යම් දෙයක් කරනවා / අතීතයේ යම් තත්වයක් තිබුණා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙහෙම වෙලා".
• 수진 씨가 열심히 공부하더니 시험에 합격했어요.
(සුජින් මහන්සිවෙලා පාඩම් කරනවා මම දැක්කා, දැන් එයා විභාගය පාස් වෙලා).
පළමු වාක්‍ය කොටසේ කර්තෘ අනිවාර්යයෙන්ම මම (1st Person - 나/저) විය යුතුයි.
"මම යම් දෙයක් කළා. ඒක කළාට පස්සේ මම අලුත් දෙයක් දැක්කා / මම කරපු දේ නිසා මට යම් ප්‍රතිඵලයක් ලැබුණා".
• 제가 열심히 공부했더니 시험에 합격했어요.
(මම මහන්සිවෙලා පාඩම් කළාම, මම විභාගය පාස් වුණා).
මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක විශාලත්වය, ප්‍රමාණය හෝ තීව්‍රතාවය (Intensity) ඉතා වැඩි බව දැඩිව අවධාරණය කිරීමටයි. මෙහි වචනාර්ථය "කොච්චර ...ද කියලා දන්නේ නැහැ" යන්න වුවත්, මෙයින් සැබවින්ම අදහස් කරන්නේ "ඔයාට හිතාගන්නවත් බැරි තරම් ගොඩක් ...යි" හෝ "කියන්න වචන නැති තරම් ...යි" යන්නයි.
"කොච්චර ...ද කියනවා නම් (කියන්න දන්නේ නෑ / ඒ තරම්ම ...යි)"
නාම විශේෂණ:
• 크다 → 얼마나 큰지 몰라요 (කොච්චර ලොකුද දන්නේ නෑ)
• 비싸다 → 얼마나 비싼지 몰라요 (කොච්චර ගණන් වැඩිද දන්නේ නෑ)
• 작다 → 얼마나 작은지 몰라요 (කොච්චර පොඩිද දන්නේ නෑ)
'있다/없다' වලින් අවසන් වන විශේෂණ පද සඳහා -는지 모르다 යෙදේ.
• 재미있다 → 얼마나 재미있는지 몰라요 (කොච්චර විනෝදජනකද දන්නේ නෑ)
ක්‍රියා පද:
• 먹다 → 얼마나 (많이) 먹는지 몰라요 (කොච්චර කනවද දන්නේ නෑ)
• 공부하다 → 얼마나 (열심히) 공부하는지 몰라요 (කොච්චර මහන්සිවෙලා පාඩම් කරනවද දන්නේ නෑ)
අතීත කාලය (ක්‍රියා පද සහ විශේෂණ දෙකටම එකම නීතියකි):
• 아팠다 → 얼마나 아팠는지 몰라요 (කොච්චර අසනීප වුණාද දන්නේ නෑ)
• 울었다 → 얼마나 울었는지 몰라요 (කොච්චර ඇඬුවාද දන්නේ නෑ)
ඒ චිත්‍රපටිය කොච්චර දුක හිතෙනවද දන්නේ නෑ (මට හිතාගන්න බැරි තරම් දුකයි). ගොඩක් ඇඬුවා.
කතා කරන භාෂාවේදී 얼마나 වෙනුවට 어찌나 යන පදයද මෙම ව්‍යාකරණය සමඟම සමාන අදහසින් යොදාගත හැක.
• 어찌나 예쁜지 몰라요! (කොච්චර ලස්සනද දන්නේ නෑ!)
මෙම ව්‍යාකරණ රටාවේ මූලික පදය වන 모양 යන්නෙහි තේරුම "හැඩය" හෝ "පෙනුම" යන්නයි. ඒ අනුව, මෙය භාවිතා කරන්නේ යම් දෙයක් දකින විට හෝ ඒ ගැන අසන විට, එම සාක්ෂිය මත පදනම්ව "පෙනෙන විදිහට නම් ... වගේ" හෝ "මට හිතෙන විදිහට ... වෙන්න ඇති" යැයි ස්ථිර අනුමානයක් කිරීමටයි.
"පෙනෙන විදිහට ... වගේ / ... වෙන්න ඇති"
නාම විශේෂණ:
• 바쁘다 → 바쁜 모양이다 (කාර්යබහුලයි වගේ පේනවා)
• 좋다 → 좋은 모양이다 (හොඳයි වගේ පේනවා)
ක්‍රියා පද:
• 가다 → 가는 모양이다 (යනවා වගේ පේනවා)
• 먹다 → 먹는 모양이다 (කනවා වගේ පේනවා)
අතීත / අනාගත කාලය:
• 가다 → 간 모양이다 (ගියා වගේ පේනවා)
• 오다 → 올 모양이다 (ඒවි වගේ පේනවා)
නාම පද:
• 학생 → 학생인 모양이다 (ශිෂ්‍යයෙක් වගේ පේනවා)
• 하늘이 어두운 걸 보니까 곧 비가 올 모양이에요.
(අහස කළුවර වෙලා තියෙන විදිහ දැක්කාම, ළඟදීම වැස්ස වහීවි වගේ පේනවා).
තමන්ගේ හුදු අනුමානයක්, හැඟීමක් හෝ පෞද්ගලික අදහසක් කියන්න පුළුවන් (කිසිම සාක්ෂියක් නැතුව වුණත් හිතෙන දේ).
අනිවාර්යයෙන්ම ඇසින් දුටු හෝ කනින් ඇසූ සාක්ෂියක් තිබිය යුතුයි. ඒ වගේම තමන් කරන ක්‍රියාවක් ගැන අනුමාන කරන්න (예: 내가 갈 모양이다 - මම යාවි වගේ) මෙය පාවිච්චි කරන්න බැහැ.
මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක් සිදුවීමට හෝ යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම්, අනිවාර්යයෙන්ම සම්පූර්ණ විය යුතු පෙර කොන්දේසියක් ප්‍රකාශ කිරීමටයි.
"...කළොත් තමයි / ...වුණොත් විතරයි (අනිත් දේ කරන්න පුළුවන්)"
• 가다 → 가야 (ගියොත් තමයි / යන්න ඕනේ)
• 비싸다 → 비싸야 (ගණන් වැඩි වුණොත් විතරයි)
• 작다 → 작아야 (පොඩි වුණොත් තමයි)
• 먹다 → 먹어야 (කෑවොත් තමයි)
• 읽다 → 읽어야 (කියෙව්වොත් විතරයි)
• 공부하다 → 공부해야 (පාඩම් කළොත් තමයි)
• 학생 → 학생이어야 (ශිෂ්‍යයෙක් වුණොත් තමයි)
• 의사 → 의사여야 (වෛද්‍යවරයෙක් වුණොත් විතරයි)
• 이 약은 식사를 한 후에 먹어야 효과가 좋아요.
(මේ බෙහෙත කෑම කෑවාට පස්සේ බිව්වොත් තමයි, ප්‍රතිඵලය හොඳ වෙන්නේ).
• 비가 오면 우산을 쓸 거예요. (වැස්සොත් කුඩයක් පාවිච්චි කරනවා).
මෙය සාමාන්‍ය උපකල්පනයකි. කුඩයක් පාවිච්චි කරන්න වැස්ස අනිවාර්යය නැත, අව්වට වුණත් කුඩයක් පාවිච්චි කළ හැක.
• 비가 와야 농사를 지을 수 있어요. (වැස්සොත් විතරයි ගොවිතැන් කරන්න පුළුවන්).
මෙය අනිවාර්ය කොන්දේසියකි. වැස්ස නැතුව ගොවිතැන් කරන්න බැහැ.
다음 빈칸에 알맞은 것을 고르십시오.

No comments:
Post a Comment