Welcome to SL-NOTEBOOK

Please sign in to continue free.

Wednesday, March 4, 2026

TOPIK II Intermediate Level - Lesson 9

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
N을/를 위해(서), V – 기 위해(서)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් ක්‍රියාවක් කරන්නේ "කා වෙනුවෙන්ද" හෝ "කුමක් ලබා ගැනීමේ අරමුණින්ද" යන්න පැහැදිලි කිරීමටයි.
නාම පද සමඟ: "...වෙනුවෙන්"
ක්‍රියා පද සමඟ: "...සඳහා / ...පිණිස / ...කරන අරමුණින්"

මෙහි අගට එන '서' අකුර විකල්ප වේ. එය යෙදුවත් නොයෙදුවත් අර්ථය සමානයි.

1. නාම පද සමඟ (N을/를 위해[서])

• (받침 O) → -을 위해서 : 건강 → 건강을 위해서 (සෞඛ්‍යය වෙනුවෙන්)

• (받침 X) → -를 위해서 : 친구 → 친구를 위해서 (යාළුවා වෙනුවෙන්)

2. ක්‍රියා පද සමඟ (V-기 위해[서])

ක්‍රියා පදයක් සමඟ භාවිතා කරන විට, ක්‍රියා පදයේ මූලික රූපයට හල් අකුරක් තිබුණත් නැතත් -기 위해서 එකතු වේ.

• 가다 → 가기 위해서 (යනු පිණිස)

• 사다 → 사기 위해서 (මිලදී ගැනීම සඳහා)

가족을 위해서 열심히 일해요.
පවුල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා.
-(으)려고 සහ -기 위해(서) අතර වෙනස
-(으)려고:
සාමාන්‍ය එදිනෙදා, සරල අරමුණු සඳහා බහුලව යොදා ගනී.
(උදා: වතුර බොන්න කුස්සියට ගියා).
-기 위해(서):
ටිකක් බැරෑරුම්, වැදගත් හෝ දිගුකාලීන අරමුණු සඳහා සහ ලිඛිත භාෂාවේදී බහුලව යොදා ගනී.
(උදා: රට වෙනුවෙන්, සාර්ථකත්වය සඳහා).
V – 아지다/어지다 (Passive Voice)

මෙම ව්‍යාකරණ රටාව ක්‍රියා පද සමඟ එකතු වූ විට කර්මකාරක අර්ථයක් (Passive Voice) ලබා දේ. එනම්, යම් ක්‍රියාවක් කෙනෙකු විසින් හිතාමතා කරනවා වෙනුවට, "ඉබේ සිදු වන බව" හෝ "වෙනත් හේතුවක් නිසා සිදු වී ඇති බව" ප්‍රකාශ කිරීමට මෙය යොදා ගනී.

අපි කලින් ඉගෙන ගත් 이/히/리/기 ක්‍රමය භාවිතා කළ නොහැකි ක්‍රියා පද සඳහා, ඒවා Passive කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි.

• 팔다 → 팔아지다 (විකිණෙනවා - 팔리다 යන්නට සමානයි)

• 만들다 → 만들어지다 (සෑදෙනවා / හදනු ලබනවා)

• 찢다 → 찢어지다 (ඉරෙනවා)

• 변하다 → 변해지다 (වෙනස් වෙනවා)

이 휴대폰은 중국에서 만들어졌어요.
මේ ජංගම දුරකථනය චීනයේ නිෂ්පාදනය කෙරුණා (හැදුණා / හදනු ලැබුවා).

සමහර අවස්ථාවලදී සෘණාත්මක (Negative) වාක්‍ය සමඟ මෙය යෙදූ විට, "ඒ දේ කරන්න හිතාගන්නවත් බැහැ" හෝ "කරන්න අමාරුයි" වැනි අදහසක් ලබා දේ.
그 소식이 안 믿어져요. (මට ඒ ආරංචිය විශ්වාස කරන්න බැහැ / විශ්වාස කෙරෙන්නේ නෑ)

Active: 컵을 깨요. (මම කෝප්පය බිඳිනවා)
Passive: 컵이 깨져요. (කෝප්පය බිඳෙනවා)

නාම විශේෂණ සමඟ 아/어지다 ‌යෙදීම:
කාලයත් සමඟ යම් තත්වයක් වෙනස් වීම අදහස් කරයි. (බොහෝ විට අතීත කාලය භාවිතා කරයි).
• 예쁘다 → 예뻐지다 (ලස්සන වෙනවා)
날씨가 갑자기 추워졌어요. (කාලගුණය එකපාරටම සීතල වුණා).

A/V – 는데도 불구하고, N인데도 불구하고

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ "යම් බාධාවක් හෝ තත්වයක් තිබියදීත්, එය නොතකා" යම් දෙයක් සිදුවන බව ඉතා දැඩිව අවධාරණය කිරීමටයි.
අපි කලින් ඉගෙන ගත් -는데도 ("...වුණත්") යන්නට 불구하고 (නොතකා) යන වචනය එකතු වීමෙන් මෙය සෑදී ඇත. මෙය වඩාත් විධිමත් වේ.

ක්‍රියා පද:
• 가다 → 가는데도 불구하고 (යනවා වුණත් / යද්දිත්)
• 노력하다 → 노력하는데도 불구하고 (උත්සාහ කරද්දිත් / කළත්)

නාම විශේෂණ:
• (받침 X) 바쁘다 → 바쁜데도 불구하고 (කාර්යබහුල වුණත්)
• (받침 O) 많다 → 많은데도 불구하고 (ගොඩක් තිබුණත්)

නාම පද:
• 학생 → 학생인데도 불구하고 (ශිෂ්‍යයෙක් වුණත්)

그 선수는 다리가 아픈데도 불구하고 끝까지 뛰었어요.
ඒ ක්‍රීඩකයා කකුල රිදෙනවා වුණත් (රිදෙද්දිත්), අන්තිම වෙනකල් දිව්වා.

නාම පදයක් සමඟ මෙය භාවිතා කරන විට, ක්‍රියා පදයක් නොමැතිව කෙලින්ම -에도 불구하고 ලෙසද ඉතා බහුලව යොදා ගනී.
비에도 불구하고 경기가 계속되었어요. (වැස්ස තිබියදීත් / වැස්ස නොතකා තරගය දිගටම පැවැත්වුණා).

-(으)ㄴ/는데도 vs -(으)ㄴ/는데도 불구하고
-(으)ㄴ/는데도:
සාමාන්‍ය කතා බහේදී "වුණත් / වෙලත්" යන අදහස දීමට බහුලව යොදා ගනී.
-(으)ㄴ/는데도 불구하고:
ලිඛිත භාෂාවේදී, ප්‍රවෘත්තිවල හෝ ඉතා විධිමත් අවස්ථාවලදී "තිබියදීත් / නොතකා" යන බරපතල අදහස දීමට යොදා ගනී.
N에 대해(서) vs N에 대한 N

මෙම ව්‍යාකරණ රටා දෙකම භාවිතා කරන්නේ යම් දෙයක් "...ගැන" හෝ "...පිළිබඳව" කතා කිරීමටයි.

1. N에 대해(서) + Verb 2. N에 대한 + Noun
මෙය භාවිතා කරන්නේ "යම් දෙයක් ගැන යමක් කරනවා" යැයි කීමටයි. පසුව අනිවාර්යයෙන්ම ක්‍රියා පදයක් එයි.

생각하다, 말하다, 듣다, 공부하다...

저는 한국 문화에 대해서 공부해요.
(මම කොරියානු සංස්කෘතිය ගැන ඉගෙන ගන්නවා.)
මෙය භාවිතා කරන්නේ "යම් දෙයක් ගැන (තියෙන/ලියවුණු) දේ" යැයි විස්තර කිරීමටයි. පසුව අනිවාර්යයෙන්ම නාම පදයක් එයි.

책, 이야기, 소식, 연구...

저는 한국 문화에 대한 책을 읽어요.
(මම කොරියානු සංස්කෘතිය ගැන පොතක් කියවනවා.)
පැවරුම්

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 성공적인 유학 생활을 ________ 한국어 공부를 열심히 하고 있습니다.
① 하기 위해서
② 하는 바람에
③ 하느라고
④ 하더니
2. 저 사람은 ________ 한국말을 한국 사람처럼 자연스럽게 해요.
① 외국인일 텐데
② 외국인인데도 불구하고
③ 외국인이라고 해서
④ 외국인이기 때문에
3. 저는 요즘 환경 문제________ 관심이 많습니다.
① 에 대한
② 에 대해서
③ 를 위해서
④ 에 의해서
4. 오랫동안 청소를 안 해서 방이 많이 ________.
① 더럽혔어요
② 더러워졌어요
③ 더럽게 해요
④ 더러운가 봐요
5. 가: 회의 날짜가 언제예요?
나: 날짜가 ________ 바로 연락드릴게요.
① 정하면
② 정하려고
③ 정해지면
④ 정해 보니까
6. 건강을 ________ 매일 아침 조깅을 하고 있어요.
① 위해서
② 통해서
③ 의해서
④ 대해서
7. 비가 억수같이 ________ 축구 경기는 예정대로 진행되었습니다.
① 쏟아지기 위해서
② 쏟아지는데도 불구하고
③ 쏟아지는 바람에
④ 쏟아질 텐데
8. 교수님께 논문 주제________ 상담을 드렸습니다.
① 에 대한
② 에 대해
③ 를 위해
④ 에 의해
9. 가: 이 펜은 글씨가 잘 ________.
나: 그럼 제가 새 펜을 드릴게요.
① 안 써요
② 안 썼어요
③ 안 써지는데요
④ 안 쓰려고요
10. 부모님은 자식________ 모든 것을 희생하십니다.
① 에 대해서
② 을 위해서
③ 에 의해서
④ 을 통해서

No comments:

Post a Comment

Featured Article

TOPIK II Intermediate Level - Lesson 9

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or ...