Friday, February 27, 2026

TOPIK II Intermediate Level - Lesson 5

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
V-(으)ㄹ까 말까 (하다)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක් "කරන්නද එපාද" කියා සිතමින් සිටින විට හෝ ඒ ගැන දෙගිඩියාවකින් පසුවන විටයි. තීරණයක් ගැනීමට අපහසු අවස්ථාවක, තමන්ටම ප්‍රශ්න කරගන්නා ආකාරයක් මෙයින් අදහස් වේ.

가다 → 갈까 말까 (하다) (යන්නද එපාද)
먹다 → 먹을까 말까 (하다) (කන්නද එපාද)
만들다 → 만들까 말까 (하다) (හදන්නද එපාද - 'ㄹ' අකුර වෙනස් නොවේ.)

මෙම රටාව බොහෝ විට පහත ක්‍රියා පද සමඟ එකතු වී වාක්‍යය අවසන් කරයි:

~하다 (කරනවා/හිතෙනවා)
~고민하다 / 고민 중이다 (කල්පනා කරනවා / කල්පනා කරමින් ඉන්නවා)
~생각하다 / 생각 중이다 (හිතනවා / හිතමින් ඉන්නවා)
~망설이다 (පසුබට වෙනවා/දෙගිඩියාවෙන් ඉන්නවා)

비가 오는데 오늘 운동을 갈까 말까 해요. (වහින නිසා අද ව්‍යායාම කරන්න යන්නද එපාද කියලා හිතෙනවා.)

වාක්‍යයක් මැදදී -(으)ㄹ까 말까 පමණක් යොදා පසුව වෙනත් ක්‍රියාවක් ගැන සඳහන් කිරීමටද පුළුවන.

노트북을 살까 말까 하다가 결국 안 샀어요. (ලැප්ටොප් එක ගන්නද එපාද කියලා හිතලා අන්තිමේදී ගත්තේ නැහැ.)

V – 지 그래(요)?

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් කෙනෙකුට යම් දෙයක් කිරීමට යෝජනාවක් හෝ උපදෙසක් දෙන විටයි. අනෙක් පුද්ගලයා යම් ගැටලුවක හෝ අපහසුතාවයක සිටින විට, "මේ දේ කළා නම් හොඳයි නේද?" කියා පෙන්වා දීමට මෙය බහුලව යොදා ගනී.
"...කළොත් නරකද?" / "ඇයි ඔයා ... කරන්නේ නැත්තේ?" / "...කරන්නකෝ"

හල් අකුරක් (받침) තිබුණත් නැතත්, ක්‍රියා පදයේ මූලික රූපයට කෙලින්ම -지 그래요? එකතු කිරීම ප්‍රමාණවත් වේ.

가다 → 가지 그래요? (ගියොත් නරකද? / ඇයි යන්නේ නැත්තේ?)
먹다 → 먹지 그래요? (කෑවොත් නරකද? / ඇයි කන්නේ නැත්තේ?)

많이 아프면 병원에 가지 그래요? (ගොඩක් අසනීප නම් රෝහලට ගියොත් නරකද? / ඇයි රෝහලට යන්නේ නැත්තේ?)

අතීත කාලයෙන් (-지 그랬어요?)

මෙම රටාව අතීත කාලයෙන් යෙදූ විට එහි තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වේ. එයින් අදහස් වන්නේ යම් දෙයක් නොකිරීම ගැන කනගාටුවක් හෝ මෘදු දෝෂාරෝපණයක් කිරීමයි.
"...කරන්න එපැයි / ඇයි ... කළේ නැත්තේ?"

어제 일찍 자지 그랬어요? (ඊයේ වේලාසනින් නිදාගන්න එපැයි / ඇයි නිදාගත්තේ නැත්තේ?)

V – (으)ㄹ걸 (그랬다)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ අතීතයේදී තමන් නොකළ දෙයක් ගැන කනගාටුවක් හෝ පසුතැවීමක් (Regret) ප්‍රකාශ කිරීමටයි. එනම්, "මම ඒ දේ කළා නම් හොඳයි / මම ඒ දේ කරන්නයි තිබුණේ" කියා සිතන විට මෙය යොදා ගනී.
"...කරන්න තිබුණේ" / "...කළා නම් හරි"

가다 → 갈걸 (그랬다) (යන්න තිබුණේ)
먹다 → 먹을걸 (그랬다) (කන්න තිබුණේ)
만들다 → 만들걸 (그랬다) (හදන්න තිබුණේ)

시험이 이렇게 어려울 줄 알았으면 더 열심히 공부할걸 그랬어요. (විභාගය මේ තරම් අමාරු වෙයි කියලා දැනගෙන හිටියා නම් තවත් මහන්සි වෙලා පාඩම් කරන්න තිබුණේ.)

"නොකර ඉන්න තිබුණේ" (Negative Form)

යම් දෙයක් කළාට පසුව "අපෝ, මම ඒක නොකර ඉන්න තිබුණේ" කියා පසුතැවෙනවා නම්, -지 말걸 (그랬다) භාවිතා කරයි.

어젯밤에 야식을 먹지 말걸 그랬어요. (ඊයේ රෑ කෑම නොකා ඉන්න තිබුණේ. (කාලා මහත් වුණා / බඩ රිදෙනවා වගේ පසුතැවීමක්)).

කතා කරන භාෂාවේදී සහ සමීප මිතුරන් සමඟ කතා කරන විට බොහෝ විට '그랬다' කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර නිකම්ම "-을걸 / -ㄹ걸" ලෙස වාක්‍යය අවසන් කිරීම බහුලව සිදුවේ.
"아, 일찍 잘걸!" (ආහ්, ඉක්මනින් නිදාගන්න තිබුණේ!)
-(으)ㄹ걸 그랬다 රටාවට කිසිවිටෙකත් අතීත කාල ස්වරූපය (-았/었-) එකතු කරන්නේ නැහැ. හේතුව, ඒ මුළු ව්‍යාකරණයෙන්ම අදහස් වන්නේම අතීතයේ සිදුවූ දෙයක් ගැන පසුතැවීමක් වීමයි.
어제 파티에 갔을걸 그랬어요 (X)
어제 파티에 갈걸 그랬어요 (O)
නමුත්, මේ ව්‍යාකරණයම 그랬다 නොමැතිව, වාක්‍යය අවසානයේ -(으)ㄹ걸(요) ලෙස පමණක් භාවිතා කරන තවත් සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ කෙනෙක් ගැන හෝ දෙයක් ගැන "මම හිතන විදිහට මෙහෙම වෙන්න ඇති" කියා කරන අනුමානයක්.
가다 → 갔 → 갔을걸(요) (ගියා වෙන්න ඇති / ගිහින් ඇති)

가: 제니 씨가 아직 학교에 있을까요? (ජෙනී තාමත් ඉස්කෝලෙ ඉන්නවාද දන්නේ නෑ?)
나: 아니요, 벌써 집에 갔을걸요. (නැහැ, එයා දැනටමත් ගෙදර ගිහින් ඇති කියලා මම හිතනවා).

N(이)라도

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ තමන්ගේ පළමු හෝ හොඳම තේරීම ලබා ගත නොහැකි වූ විට, ඊළඟට ඇති හෝ ලබා ගත හැකි දෙයින් (දෙවන තේරීමෙන්) සෑහීමකට පත්වීම ප්‍රකාශ කිරීමටයි. මෙහිදී "ඒක නැත්නම් මේක හරි කමු/කරමු" වැනි අදහසක් මතු වේ.
"...හරි" / "...වත්"

물 → 물이라도 (වතුර ටිකක් හරි / වතුර ටිකක් වත්)
커피 → 커피라도 (කෝපි එකක් හරි)

밥이 없으면 라면이라도 먹을까요? (බත් නැත්නම්, රා‌ම්‍යොන් (නූඩ්ල්ස්) එකක් හරි (වත්) කමුද?)

මෙම ව්‍යාකරණය 누구 (කවුද), 어디 (කොහෙද), 언제 (කවදාද) වැනි පද සමඟ එක් වූ විට "ඕනෑම..." (Any...) යන තේරුම ලබා දෙයි. (මෙය අපි කලින් ඉගෙන ගත් 누구나,언제나 වලට ඉතා සමානයි).
누구라도 할 수 있어요. (ඕනෑම කෙනෙකුට (කවුරු වුණත්) කරන්න පුළුවන්.)
අපි කලින් ඉගෙන ගත් -(이)나 ("නිකම් ...වත්") යන්නත් මෙයට ගොඩක් සමානයි.
커피나 한잔 합시다: නිකම් කෝපි එකක්වත් බොමු. (සැහැල්ලු යෝජනාවක්)
커피라도 한잔 합시다: (වෙන මුකුත් නැති එකේ) කෝපි එකක් හරි බොමු. (ටිකක් වැඩිපුර "විකල්පයක් නැතිකම" අඟවයි).
පැවරුම්.

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 비가 올 것 같아서 세차를 ________ 고민 중이에요.
① 하느라고
② 할걸 그랬나
③ 하지 그래요
④ 할까 말까
2. 혼자 고민하지 말고 선생님께 도움을 ________?
① 청하지 그래요
② 청할까 말까 해요
③ 청할걸 그랬어요
④ 청이라도 하세요
3. 어제 쇼핑하러 갔을 때 그 옷이 참 예뻤는데, 그냥 ________.
① 살걸 그랬어요
② 살까 말까 해요
③ 사지 그래요
④ 사기라도 해요
4. 배가 너무 고픈데 식당이 다 닫았네요. 편의점 도시락________ 먹을까요?
① 마저
② 이라도
③ 조차
④ 밖에
5. 준비 운동을 안 하고 수영을 했더니 다리에 쥐가 났어요. 준비 운동을 ________.
① 할걸 그랬어요
② 할까 말까 했어요
③ 하지 그래요
④ 하기라도 했어요
6. 가: 이번 방학에 고향에 갈 거예요?
나: 비행기 표가 너무 비싸서 ________ 생각 중이에요.
① 가지 그래요
② 갈걸 그랬다
③ 갈까 말까
④ 가기라도

No comments:

Post a Comment

Featured Article

TOPIK II Intermediate Level - Lesson 5

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or im...