Friday, February 27, 2026

TOPIK II Intermediate Level - Lesson 6

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
A/V – 거든(요), N(이)거든(요)

මෙය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අසන්නා නොදන්නා හේතුවක් හෝ අලුත් තොරතුරක් ලබා දීමටයි. බොහෝ විට මෙය ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස හෝ තමන් කලින් කියපු දෙයකට හේතුව දක්වන්න යොදා ගනී.
"මොකද දන්නවද..." / "ඇත්තටම... (මේකයි හේතුව)" / "...නිසා"

ක්‍රියා පද සහ විශේෂණ වල හල් අකුරක් (받침) තිබුණත් නැතත් නීතිය එකමයි.

• 가다 → 가거든요 (යනවා, ඒකයි හේතුව)
• 바쁘다 → 바쁘거든요 (මොකද මම කාර්යබහුලයි)

නමුත් නාම පද (N) සඳහා:
• 학생 → 학생이거든요 (මොකද මම ශිෂ්‍යයෙක්)
• 의사 → 의사거든요 (මොකද වෛද්‍යවරයෙක් නිසා)

අතීත කාලය (Past Tense): 어제 늦게 잤거든요. (මොකද ඊයේ රෑ වෙලා නිදාගත්තා).
අනාගත කාලය (Future Tense): 내일 갈 거거든요. (මොකද මම හෙට යනවා).

මෙම ව්‍යාකරණය අවස්ථා කිහිපයකදි භාවිතා කරන ආකාරය පහතින් පෙන්වා දී ඇත.

1. ප්‍රශ්නයකට හේතුවක් ලෙස පිළිතුරු දීම
가: 왜 이렇게 밥을 많이 먹어요? (ඇයි මේ තරම් බත් ගොඩක් කන්නේ?)
나: 아침을 안 먹었거든요. (මොකද මම උදේ කෑම කෑවේ නැහැනේ / කෑවේ නැති නිසා).
2. තමන් කරන දෙයකට හේතුව අනිත් කෙනාට පැහැදිලි කිරීම
가: 수진 씨는 한국어를 정말 잘하시네요. (සුජින් කොරියානු භාෂාව ඇත්තටම හොඳට කතා කරනවානේ).
나: 매일 한국 드라마를 보거든요. (මොකද මම හැමදාම කොරියානු ඩ්‍රාමා බලනවානේ).
3. තමන් කියපු දෙයකට අමතර කරුණක් එකතු කිරීම
저는 지금 못 가요. 숙제가 아주 많거든요. (මට දැන් යන්න බැහැ. මොකද දන්නවද, මට හෝම්වර්ක් ගොඩක් තියෙනවා.)

⚠️ වැදගත්:
• මෙය භාවිතා කරන්නේ අහගෙන ඉන්න කෙනා ඒ හේතුව ගැන කිසිවක් නොදන්නා විට පමණයි. දෙන්නම දන්න හේතුවක් නම් -(으)니까 හෝ -아/어서 භාවිතා කළ යුතුය.
• මෙය සම්පූර්ණයෙන්ම කතා කරන භාෂාවට අයත් එකකි. නිල ලියවිලි, රචනා සඳහා භාවිතා නොකරන්න.
• මෙය කියන ස්වරය ඉතා වැදගත්ය. ඉතා රළු ලෙස හෝ ආඩම්බරයෙන් කිව්වොත්, එය "ඔයා ඒක දන්නේ නැද්ද? මේකයි හේතුව!" වගේ ටිකක් අහංකාර අදහසක් දෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය මෘදු ස්වරයකින් කීම සුදුසුයි.

아무 N도

"කිසිම [නාම පදයක්] වත් (නැහැ)" යන අදහස ප්‍රකාශ කිරීමට මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරයි.

මෙහි ඇති වඩාත්ම වැදගත් නීතිය වන්නේ, මෙම රටාවෙන් පසුව අනිවාර්යයෙන්ම සෘණාත්මක (Negative) ක්‍රියා පදයක් පැමිණිය යුතු වීමයි. එනම් වාක්‍යය අවසන් විය යුත්තේ 없다 (නැහැ), 안/못 (නැහැ/බැහැ), 지 않다/지 못하다, හෝ 지 마세요 (එපා) වැනි යෙදුමකිනි.

아무도: කවුරුත් (වත්) / කිසිවෙක් (වත්)
→ 교실에 아무도 없어요. (පන්ති කාමරයේ කවුරුත් (කිසිවෙක්) නැහැ.)
아무것도: කිසිම දෙයක් (වත්)
아무 데도 / 아무 곳도: කිසිම තැනක (වත්)

아무 + N + 도 ලෙස ඕනෑම නාම පදයක් සමඟ මෙය භාවිතා කළ හැක.

  • 아무 연락도: කිසිම ඇමතුමක්වත් / පණිවිඩයක්වත්
  • 아무 이유도: කිසිම හේතුවක්වත්

그 사람은 아무 말도 하지 않았어요. (ඒ පුද්ගලයා කිසිම දෙයක් (කිසිම වචනයක්වත්) කිව්වේ නැහැ.)

"아무 N(이)나" සහ "아무 N도" අතර වෙනස

ව්‍යාකරණය අදහස වාක්‍යයේ ස්වභාවය උදාහරණ
아무나 ඕනෑම කෙනෙක් (Anyone) ධනාත්මක (Positive) 이 문제는 아무나 풀 수 있어요. (මේ ප්‍රශ්නය ඕනෑම කෙනෙකුට විසඳන්න පුළුවන්.)
아무도 කවුරුත් / කිසිවෙක් (Nobody) සෘණාත්මක (Negative) 이 문제는 아무도 못 풀어요. (මේ ප්‍රශ්නය කවුරුත් (කිසිවෙක්ට) විසඳන්න බැහැ.)
V-이/히/리/기 (피동) - Passive Voice

කොරියානු භාෂාවේ 피동 (Passive Voice - කර්මකාරක) යනු යම් ක්‍රියාවක් තමා විසින් කරනවා වෙනුවට, යම් දෙයකට හෝ කෙනෙකුට එම ක්‍රියාව "සිදු වන බව" ප්‍රකාශ කිරීමයි.
උදා: "අරිනවා → ඇරෙනවා", "වහනවා → වැහෙනවා", "අල්ලනවා → අහුවෙනවා"

1. -이- එකතු වන ක්‍රියා පද
  • 보다 (බලනවා) → 보이다 (පෙනෙනවා)
  • 쓰다 (ලියනවා/භාවිතා කරනවා) → 쓰이다 (ලියවෙනවා/භාවිතා වෙනවා)
  • 놓다 (තියනවා) → 놓이다 (තැබෙනවා)
  • 바꾸다 (මාරු කරනවා) → 바뀌다 (මාරු වෙනවා)
  • 섞다 (කලවම් කරනවා) → 섞이다 (කලවම් වෙනවා)
2. -히- එකතු වන ක්‍රියා පද (බොහෝ විට ㄱ, ㄷ, ㅂ වලින් අවසන් වන)
  • 닫다 (වහනවා) → 닫히다 (වැහෙනවා)
  • 잡다 (අල්ලනවා) → 잡히다 (අහුවෙනවා / අල්ලනු ලබනවා)
  • 먹다 (කනවා) → 먹히다 (කෑවෙනවා / ගොදුරු වෙනවා)
  • 읽다 (කියවනවා) → 읽히다 (කියවෙනවා)
  • 막다 (අවහිර කරනවා) → 막히다 (අවහිර වෙනවා / බ්ලොක් වෙනවා)
3. -리- එකතු වන ක්‍රියා පද (බොහෝ විට ㄹ වලින් අවසන් වන)
  • 열다 (අරිනවා) → 열리다 (ඇරෙනවා)
  • 팔다 (විකුණනවා) → 팔리다 (විකිණෙනවා)
  • 풀다 (ලිහනවා/විසඳනවා) → 풀리다 (ලිහෙනවා/විසඳෙනවා)
  • 듣다 (අහනවා) → 들리다 (ඇහෙනවා) - ('ㄷ' අකුර 'ㄹ' බවට හැරේ)
  • 걸다 (එල්ලනවා) → 걸리다 (එල්ලෙනවා)
4. -기- එකතු වන ක්‍රියා පද (බොහෝ විට ㄴ, ㅁ, ㅅ, ㅊ වලින් අවසන් වන)
  • 끊다 (කඩනවා/කට් කරනවා) → 끊기다 (කැඩෙනවා / කට් වෙනවා)
  • 안다 (වැළඳගන්නවා) → 안기다 (වැළඳගනු ලබනවා)
  • 쫓다 (පන්නනවා) → 쫓기다 (පන්නනු ලබනවා)
  • 씻다 (හෝදනවා) → 씻기다 (හේදෙනවා)

Passive (피동) වාක්‍යයක් සාදන විට, ක්‍රියාව කරන පුද්ගලයා හෝ දේ හැඳින්වීමට විශේෂ නිපාත යොදයි:

පුද්ගලයෙක් හෝ සතෙක් නම්: 에게 / 한테 (උදා: 고양이에게 쥐가 잡혔어요 - පූසාට මීයා අහු වුණා).

අජීවී දෙයක් නම් (ස්වභාවික හේතුවක් ආදිය): 에 (උදා: 바람에 문이 닫혔어요 - හුළඟට දොර වැහුණා).

• 경찰이 도둑을 잡았어요. (පොලිසිය හොරාව ඇල්ලුවා - Active)
→ 도둑이 경찰에게 잡혔어요. (හොරා පොලිසියට අහු වුණා - Passive)

• 제가 창문을 열었어요. (මම ජනේලය ඇරියා - Active)
→ 바람 때문에 창문이 열렸어요. (හුළඟ නිසා ජනේලය ඇරුණා - Passive)

• 저는 음악을 들어요. (මම සින්දු අහනවා - Active)
→ 밖에서 이상한 소리가 들려요. (එළියෙන් අමුතු සද්දයක් ඇහෙනවා - Passive)
පැවරුම්.

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 가: 왜 어제 파티에 안 왔어요?
나: 어제는 어머니 생신________. 그래서 고향에 다녀왔어요.
① 이었거든요
② 이라도
③ 인가 봐요
④ 이던데요
2. 주말이라서 거리에 사람이 한 명도 없네요. ________ 안 보여요.
① 무엇이나
② 어디나
③ 누구나
④ 아무도
3. 바람이 세게 불어서 열려 있던 창문이 저절로 ________.
① 닫히겠어요
② 닫았어요
③ 닫혔어요
④ 닫으려고 해요
4. 가: 산칼파 씨, 왜 그렇게 열심히 공부해요?
나: 다음 주에 토픽 시험이 ________.
① 있거든요
② 있나 봐요
③ 있을 텐데
④ 있을걸요
5. 냉장고를 열어 보니 ________ 먹을 것이 없었어요.
① 아무것도
② 아무나
③ 아무데도
④ 아무때나
6. 어제 산 가방이 어디에 있는지 아무리 찾아도 ________.
① 안 보였거든요
② 안 봐요
③ 안 보여요
④ 안 보일 텐데요

No comments:

Post a Comment

Featured Article

TOPIK II Intermediate Level - Lesson 6

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or...