Welcome to SL-NOTEBOOK

Please sign in to continue free.

Friday, May 15, 2026

4급 1과 문법

SL-NOTEBOOK: 4급 1과
SL-NOTEBOOK

4급 1과 - Master Class

අද අපි ඉගෙන ගන්නේ දෛනික ජීවිතයේදීත් විභාග වලදීත් ඉතා වැදගත් වන උසස් මට්ටමේ ව්‍යාකරණ රටා කිහිපයකි. මෙහිදී "Confirming information", "Continuous action outcomes", "Defining facts" සහ "As soon as" යන අර්ථයන් සහිත ව්‍යාකරණ පිළිබඳව සිංහලෙන් පැහැදිලි කෙරේ.

A-다면서요?, V-ㄴ/는다면서(요)?

යම් තොරතුරක් වෙනත් අයෙකුගෙන් හෝ වෙනත් මාර්ගයකින් අසා දැනගත් විට, එම තොරතුර සත්‍ය දැයි තහවුරු කර ගැනීමට (Confirmation) මෙම ව්‍යාකරණය භාවිතා කරයි. ".... කියලා ඇහුවා, එහෙමද?" යන අර්ථය මෙයින් ලැබේ.

Conjugation Rules:
• Adjective: Root + 다면서요? (අගට 받침 තිබුණත් නැතත්)
• Verb: 받침 තිබේ නම් + 는다면서요? / 받침 නැතිනම් + ㄴ다면서요?
• Noun: (이)라면서요?
  • 한국 음식이 아주 매워요? - 네, 한국 음식이 매워준다면서요?කොරියානු කෑම ගොඩක් සැරයි කියලා ඇහුවා, ඒක ඇත්තද?
  • 민수 씨가 다음 달에 결혼한다면서요?මින්සු මහතා ලබන මාසයේ විවාහ වෙනවා කියලා ඇහුවා, එහෙමද?
  • 요즘 많이 바쁘다면서요?මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි කියලා ඇහුවා, එහෙමද?
  • 이번 시험이 아주 어려웠다면서요?මේ පාර විභාගය ගොඩක් අමාරු වුණා කියලා ඇහුවා, ඇත්තද?
V-다 보면

යම් ක්‍රියාවක් දිගින් දිගටම කරගෙන යන විට, එහි ප්‍රතිඵලයක් ලෙස යම් දෙයක් සිදුවන බව හෝ යම් අත්දැකීමක් ලබන බව පැවසීමට මෙය භාවිතා කරයි. ".... කරගෙන යනකොට / කරනවා නම්" වැනි අර්ථයක් ලබා දෙයි.

Conjugation Rules:
• Verb Root + 다 보면 (받침 තිබුණත් නැතත් සමානයි).
  • 한국어를 매일 공부하다 보면 잘하게 될 거예요.කොරියානු භාෂාව හැමදාම ඉගෙන ගන්නා විට එයට දක්ෂයෙක් වේවි.
  • 계속 걷다 보면 목적지가 나올 거예요.දිගටම ඇවිදගෙන යනකොට ගමනාන්තය හමුවේවි.
  • 열심히 일하다 보면 성공할 수 있어요.මහන්සි වී වැඩ කරන විට සාර්ථක වෙන්න පුළුවන්.
  • 이 음식을 먹다 보면 그 맛에 익숙해질 거예요.මෙම කෑම කන විට එම රසයට හුරු වේවි.
N은/는 A/V-다는 것이다 [점이다]

යම් නාම පදයක (විෂයයක) ඇති විශේෂත්වය, අර්ථය හෝ වැදගත් කරුණක් පැහැදිලි කිරීමට මෙම ව්‍යාකරණය භාවිතා කරයි. "යන්නයි/යන කරුණයි" යන අර්ථය ලබා දෙයි.

Conjugation Rules:
• Adjective + 다는 것/점이다
• Verb + ㄴ/는다는 것/점이다 (받침 අනුව)
  • 이 영화의 특징은 배우들이 연기를 잘한다는 점이다.මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ නළුවන් රංගනයට දක්ෂ වීමයි.
  • 내 계획은 이번 여름에 고향에 가겠다는 것이다.මගේ සැලසුම වන්නේ මේ ග්‍රීෂ්ම කාලයේ ගමට යන එකයි.
  • 이 휴대폰의 장점은 무게가 아주 가볍다는 것이다.මෙම ජංගම දුරකථනයේ වාසිය වන්නේ බර ඉතා සැහැල්ලු වීමයි.
  • 중요한 점은 우리가 최선을 다했다는 것이다.වැදගත් කරුණ වන්නේ අපි අපේ උපරිමය කළා යන්නයි.
V-는 대로 / N대로

1. ක්‍රියා පද සමඟ: එක් ක්‍රියාවක් අවසන් වූ විගස ඊළඟ ක්‍රියාව කරන බව. (As soon as)
2. නාම පද සමඟ: එම දෙයට අනුකූලව හෝ ඒ ආකාරයටම. (According to)

Conjugation Rules:
• Verb Root + 는 대로
• Noun + 대로
  • 집에 도착하는 대로 전화해 주세요.ගෙදර ගිය හැටියේම (ගිය විගස) මට කතා කරන්න.
  • 말씀하신 대로 준비하겠습니다.ඔබ පැවසූ පරිදි (පැවසූ ආකාරයට) සූදානම් කරන්නම්.
  • 수업이 끝나는 대로 식당으로 오세요.පන්තිය අවසන් වූ විගස අවන්හලට එන්න.
  • 마음대로 하세요.හිතට හැගෙන පරිදි (ඔබට කැමති විදිහට) කරන්න.

Grammar Proficiency Test

නිවැරදි පිළිතුර තෝරන්න:

Sunday, April 19, 2026

TOPIK II Intermediate Level - Lesson 18

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
SL-NOTEBOOK
A – 다니까(요), V – ㄴ다니까(요)/는다니까(요), N(이)라니까(요)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ තමන් කලින් කියපු දෙයක් අනිත් කෙනාට හරියට ඇහුණේ නැති වුණාම, විශ්වාස කළේ නැති වුණාම හෝ ඒක අමතක කරලා වෙනස් විදිහකට හැසිරෙනකොට, තමන් කියපු දේ තරමක් තදින් නැවතත් අවධාරණය කිරීමටයි.
"මම කිව්වේ ... කියලා!" / "... කියලනේ මම මේ කියන්නේ!"

මෙයින් සමහර වෙලාවට පොඩි තරහක් (Frustration) හෝ නොඉවසිලිමත් බවක්ද ප්‍රකාශ විය හැක.

මෙය පද වර්ගය අනුව සාදන ආකාරය අපි කලින් ඉගෙන ගත් -다니요 නීති වලටම සමාන වේ. මෙහි අගට එන 요 අකුර ඉවත් කළ විට එය සම වයසේ අයට හෝ බාලයන්ට කතා කරන (반말) ස්වරූපය බවට පත්වේ.


• 바쁘다 → 바쁘다니까요! (බිසී කියලනේ කියන්නේ!)

• 가다 → 간다니까요! (යනවා කියලයි මම කිව්වේ!)

• 먹다 → 먹는다니까요! (කනවා කියලනේ කියන්නේ!)

• 학생 → 학생이라니까요! (ශිෂ්‍යයෙක් කියලනේ මම කිව්වේ!)

අතීත කාලය (-았/었다니까요)
• 안 하다 → 안 했다니까요! (කළේ නෑ කියලයි මම කියන්නේ!)
가: 이 식당 음식 진짜 매워요? (මේ කඩේ කෑම ඇත්තටම සැරද?)
나: 네, 제가 진짜 맵다니까요! 조심해서 먹어요.
(ඔව්, ඇත්තටම සැරයි කියලනේ මම කියන්නේ! පරිස්සමෙන් කන්න).

⚠️ වැදගත් (Tone Matters):
මෙම ව්‍යාකරණය භාවිතා කරන විට ඔබේ කටහඬේ ස්වභාවය (Tone) ඉතා වැදගත් වේ. ඔබ මෙය තරමක් හයියෙන් හෝ වේගයෙන් කිව්වොත්, එයින් "මම කී පාරක් නම් කිව්වද, ඇයි තේරුම් ගන්නේ නැත්තේ" වැනි තරහක් අදහස් විය හැක. ඒ නිසා, තමාට වඩා වයසින් වැඩි හෝ ගෞරව කළ යුතු අයට මෙය භාවිතා කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. (බොහෝ විට වැඩිහිටියන්ට මෙය භාවිතා කිරීම සුදුසු නැත).

V – 고 말다

මෙම ව්‍යාකරණ රටාව කොරියානු භාෂාවේ ඉතාම වැදගත් එකක් වන අතර, එයට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රධාන අර්ථයන් දෙකක් ඇත. ඔබ භාවිතා කරන කාලය (Tense) අනුව මෙහි අර්ථය වෙනස් වේ.

• 가다 → 가고 말다

• 먹다 → 먹고 말다

• 하다 → 하고 말다

1. අනපේක්ෂිත ප්‍රතිඵලය හෝ පසුතැවීම (Unintended Result / Regret)
මෙය නිතරම අතීත කාලයෙන් (-고 말았다) භාවිතා වේ. තමන් කොහෙත්ම බලාපොරොත්තු නොවුණු හෝ නොකර ඉන්න උත්සාහ කරපු දෙයක්, අවසානයේදී පාලනය කරගන්න බැරුව සිද්ධ වුණා යැයි කීමට මෙය යොදා ගනී. මෙයින් බොහෝ විට කනගාටුවක් හෝ පසුතැවීමක් ප්‍රකාශ වේ.
"අන්තිමට ඒක වුණා / (නොකර ඉන්න හැදුවත්) අන්තිමට කරලා දැම්මා"

• 안 울려고 했는데 영화가 너무 슬퍼서 울고 말았어요.
(අඬන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ, ඒත් චිත්‍රපටිය ගොඩක් දුක හිතෙන නිසා අන්තිමට ඇඬුණා).
2. දැඩි අධිෂ්ඨානය (Strong Determination)
මෙය නිතරම අනාගත කාලයෙන් හෝ උත්සාහය පෙන්වන ස්වරූපයෙන් (-고 말겠다 / -고 말 테다) භාවිතා වේ. කොතරම් අමාරු වුණත්, මොන බාධක ආවත් අනිවාර්යයෙන්ම යම් දෙයක් කරලා ඉවරයක් කරනවාමයි කියා දැඩි ලෙස අධිෂ්ඨාන කරන විට මෙය යොදා ගනී.
"අනිවාර්යයෙන්ම ...කරනවාමයි / ...කරලා මිසක් පස්සට යන්නේ නෑ"

• 이번 토픽(TOPIK) 시험에서는 꼭 6급을 받고 말겠습니다.
(මේ සැරේ TOPIK විභාගයෙන් අනිවාර්යයෙන්ම 6 වෙනි මට්ටම පාස් වෙලාම පෙන්වනවා / පාස් වෙනවාමයි).
-고 말다 vs -아/어 버리다
-아/어 버리다:
යමක් සම්පූර්ණයෙන්ම කරලා ඉවර කළා. මෙහිදී කනගාටුවක් වගේම, සමහර වෙලාවට "ඔන්න ඔහේ කරලා දැම්මා, දැන් නිදහස්" කියන සහනයක් (Relief) දැනෙන්නත් පුළුවන්.
-고 말았다:
මෙහි කිසිම සහනයක් නැත. මෙයින් නිතරම පෙන්වන්නේ තමන් නොහිතපු දෙයක් අන්තිමට සිද්ධ වුණා කියන පසුතැවීම හෝ පාලනයෙන් ගිලිහී යාමක් පමණි.
පැවරුම්

다음 대화의 빈칸에 알맞은 것을 고르십시오.

1. 가: 밖이 진짜 추워요?
나: 네, 옷 따뜻하게 입으세요. 밖이 엄청 ________.
① 춥고 말았어요
② 추울걸요
③ 춥다니까요
④ 추운 모양이에요
2. 어제 밤에 시험공부를 하려고 했는데, 책을 펴자마자 너무 피곤해서 ________.
① 자고 말았어요
② 자게 했어요
③ 자야 할 텐데요
④ 잔다니까요
3. 안내 방송에서 기차가 곧 ________ 서둘러서 타러 갑시다.
① 떠나고 말아서
② 떠난 척해서
③ 떠날 텐데
④ 떠난다니까
4. 친구의 비밀을 꼭 지켜 주려고 했는데, 술을 마시고 실수로 ________.
① 말하도록 해요
② 말하고 말았어요
③ 말할까 봐요
④ 말한다니까요
5. 가: 학생, 여기 학생증 좀 보여줄래요?
나: 저기요, 저는 ________. 벌써 졸업하고 회사 다녀요.
① 학생이 아닌가 봐요
② 학생이었더니
③ 학생이 아니라니까요
④ 학생이 아니고 말았어요
6. 이번 TOPIK 시험이 아무리 어려워도 저는 6급에 꼭 ________.
① 합격하고 말겠습니다
② 합격하는 길이에요
③ 합격할 생각도 못 해요
④ 합격한다니까요
7. 가: 산칼파 씨, 이 매운 닭발 한 번만 먹어 봐요.
나: 아, 진짜! 저는 매운 음식은 절대 ________. 그만 권하세요!
① 안 먹을 만해요
② 안 먹을걸요
③ 안 먹고 말았어요
④ 안 먹는다니까요
8. 다이어트를 결심했지만, 눈앞에 있는 맛있는 케이크를 참지 못하고 ________.
① 다 먹는다니까요
② 다 먹고 말았어요
③ 다 먹을 텐데요
④ 다 먹는 척했어요
9. 사람들이 이 영화가 아주 ________ 우리도 이번 주말에 보러 갈까요?
① 재미있다니까
② 재미있고 말아서
③ 재미있어하니까
④ 재미있는 척하니까
10. 아침에 늦어서 버스를 타려고 뛰어가다가 그만 길에서 ________.
① 넘어질 만했어요
② 넘어진다니까요
③ 넘어지고 말았어요
④ 넘어질 생각도 못 했어요

Saturday, April 18, 2026

KOREAN WRITING AI EVALUATOR

SL-NOTEBOOK

Tech | Travel | Culture

DEVELOPED BY

L. C. SANKALPA LOKULIYANAGE

Software Engineer & Researcher
KNU, South Korea

✓ Real-time OCR
✓ Grammar Correction
✓ Score Generation

Korean Handwriting Evaluator

Advanced AI system optimized for Hangul recognition.

📤

Select your handwritten Korean note

Supports PNG, JPG (High quality recommended)

TOPIK II Intermediate Level - Lesson 17

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
SL-NOTEBOOK
V – 고 보니(까)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක් "කළාට පස්සේ හෝ ඒ ගැන අත්දැකීමක් ලැබුවාට පස්සේ, අලුත් දෙයක් තේරුම් ගත්තා / දැනගත්තා හෝ කලින් හිතපු දේට වඩා වෙනස් දෙයක් දැක්කා" කියා ප්‍රකාශ කිරීමටයි.

මෙහි 고 보다 යනු "කරලා බලනවා" යන්නයි. (으)니까 මගින් "නිසා/විට" යන අදහස දේ. ඒ අනුව, යම් ක්‍රියාවක් සම්පූර්ණ කළාට පසුව ලැබෙන අවබෝධය හෝ සොයාගැනීම මෙයින් කියවෙයි.
"...කරලා බැලුවාම (තමයි තේරුණේ) / ...කළාට පස්සේ තමයි දැක්කේ"

ක්‍රියා පදයේ මූලික රූපයට වෙනසක් නොකර කෙලින්ම -고 보니(까) එකතු කරනු ලැබේ. කතා කරන භාෂාවේදී 보니까 ලෙසත්, ලිඛිතව හෝ කෙටි කර 보니 ලෙසත් භාවිතා වේ.

• 가다 → 가고 보니까 (ගිහින් බැලුවාම)

알고 보니까 그 사람이 제 고향 친구였어요.
ඒ ගැන හොයලා බැලුවාම / දැනගත්තාට පස්සේ තමයි තේරුණේ, එයා මගේ ගමේ යාළුවෙක් කියලා.
았/었더니 vs 고 보니까

මේ දෙකම බොහෝ අවස්ථාවලදී එකම අදහසින් භාවිතා කළ හැක. දෙකෙන්ම කියවෙන්නේ "මම අතීතයේ දෙයක් කළා, ඊට පස්සේ අලුත් දෙයක් දැක්කා/දැනගත්තා" යන්නයි.

• 어제 학교에 갔더니 학생이 없었어요. (ඊයේ පාසලට ගියාම / ගිය නිසා...)
• 어제 학교에 가고 보니까 학생이 없었어요. (ඊයේ පාසලට ගිහින් බැලුවාම...)

නමුත් 고 보니까 යන්නෙන් තමන් කලින් හිතාගෙන හිටපු දේට වඩා වෙනස් දෙයක් අත්දැකීමෙන් පසු අවබෝධ වුණු බවට වන හැඟීම තරමක් වැඩියෙන් අවධාරණය කරයි.

A – (으)ㄴ/V-는 척하다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ ඇත්තටම එසේ නොවී, "යම් දෙයක් කරනවා වගේ / යම් තත්වයක ඉන්නවා වගේ බොරුවට මවාපානවා (Pretend කරනවා / රඟපානවා)" යැයි ප්‍රකාශ කිරීමටයි.
"...වගේ බොරුවට පෙන්නනවා / ...වගේ රඟපානවා"

Verbs (ක්‍රියා පද)
• වර්තමාන (Present) ➔ -는 척하다 : 자다 → 자는 척하다 (නිදාගන්නවා වගේ බොරුවට ඉන්නවා)
• අතීත (Past) ➔ -(으)ㄴ 척하다 : 먹다 → 먹은 척하다 (කෑවා වගේ බොරුවට පෙන්නනවා)


Adjectives (නාම විශේෂණ) ➔ -(으)ㄴ 척하다
• (받침 X) ➔ -ㄴ 척하다 : 예쁘다 → 예쁜 척하다 (ලස්සනයි වගේ / ලස්සන කෙනෙක් වගේ රඟපානවා)
• (받침 O) ➔ -은 척하다 : 작다 → 작은 척하다 (පොඩියි වගේ බොරුවට පෙන්නනවා)


Nouns (නාම පද) ➔ -인 척하다
• 학생 → 학생인 척하다 (ශිෂ්‍යයෙක් වගේ බොරුවට පෙන්නනවා)
• 부자 → 부자인 척하다 (සල්ලි කාරයෙක් වගේ රඟපානවා)

• 학교에 가기 싫어서 아픈 척했어요.
(ඉස්කෝලේ යන්න කම්මැලි / අකමැති නිසා, අසනීප වෙලා වගේ බොරුවට රඟපෑවා).

• 그 사람은 항상 다 아는 척해요.
(ඒ කෙනා හැමතිස්සෙම ඔක්කොම දන්නවා වගේ බොරුවට පෙන්නනවා / පණ්ඩිතයා වගේ ඉන්නවා).
සටහන:
ලිඛිත භාෂාවේදී හෝ තරමක් විධිමත් (Formal) අවස්ථාවලදී 척하다 වෙනුවට 체하다 යන්නද සම්පූර්ණයෙන්ම සමාන අදහසින් යුතුව භාවිතා කළ හැක.
• 아는 척하지 마세요 = 아는 체하지 마세요. (දන්නවා වගේ බොරුවට පෙන්නන්න එපා).
A/V – 다니(요), N(이)라니(요)

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ වෙනත් කෙනෙකු කියූ දෙයක් හෝ තමන්ට අසන්නට/දකින්නට ලැබුණු දෙයක් ගැන තම පුදුමය, කම්පනය (Shock) හෝ අවිශ්වාසය (Disbelief) ප්‍රකාශ කිරීමටයි.
"...කියලා කියනවාද? (පුදුමයි/අවිශ්වාසයි) / ...වෙනවා කියන්නේ හිතාගන්නත් බෑ"

• Adjectives: 바쁘다 → 바쁘다니요? (කාර්යබහුලයි කියන්නේ?) | 덥다 → 덥다니요?

• Verbs: 가다 → 간다니요? (යනවා කියන්නේ?) | 먹다 → 먹는다니요?

• Nouns: 학생 → 학생이라니요? (ශිෂ්‍යයෙක් කියන්නේ?) | 천재 → 천재라니요?

• Past Tense (-았/었다니요): 가다 → 갔다니요? (ගියා කියන්නේ?) | 예쁘다 → 예뻤다니요?

1. පුදුමය හෝ අවිශ්වාසය (Surprise / Disbelief)
가: 내일 비가 온대요. (හෙට වැස්ස වහිනවාලු).
나: 네? 내일 비가 온다니요? 일기예보에서는 맑다고 했는데요.
(මොකක්? හෙට වැස්ස වහිනවා කියන්නේ? මට විශ්වාස කරන්න බෑ. කාලගුණ වාර්තාවේ කිව්වේ පායනවා කියලනේ).
2. ප්‍රශංසාවක් නිහතමානීව ප්‍රතික්ෂේප කිරීම
가: 한국어 정말 잘하시네요! 천재 같아요. (කොරියානු භාෂාව ඇත්තටම ගොඩක් හොඳට පුළුවන්නේ! ජීනියස් කෙනෙක් වගේ).
나: 천재라니요. 아직 모르는 게 너무 많아요.
(ජීනියස් කෙනෙක් කියන්නේ? එහෙම කියන්න එපා. තාම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා).

කතා කරන විට මෙය ප්‍රශ්නයක් අසනවා වගේ කටහඬ ඉහළට ගෙන (Rising Intonation) ඇසිය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඇත්තටම ප්‍රශ්නයක් අහනවා නෙවෙයි, "ඔයා මේ දැන් කිව්ව දේ ඇත්තද? මට නම් විශ්වාස කරන්නත් බෑ" කියන හැඟීමයි.

N(이)라고 (해서) 다 A – (으)ㄴ/는 아니다

මෙම ව්‍යාකරණ රටාව කොරියානු භාෂාවේ අර්ධ නිෂේධනය (Partial Negation) පෙන්වීමට භාවිතා කරන ඉතා වැදගත් රටාවකි. මෙයින් අදහස් කරන්නේ යම් දෙයක් කිසියම් කාණ්ඩයකට (නාම පදයකට) අයත් වූ පමණින්ම, ඒ හා බැඳුණු සාමාන්‍ය ලක්ෂණය සෑම විටම 100%ක්ම සත්‍ය නොවන බවයි.
"(නාම පදයක්) වුණු පමණින්ම, ඔක්කොම ... වෙන්නේ නැහැ"

• Noun (නාම පදය): (이)라고 해서 (වුණු පමණින්ම / යැයි කී පමණින්ම)

• 다: (ඔක්කොම / සෑම විටම)

• අවසානය (A/V): A-(으)ㄴ/는 아니다 යන්න සම්මත ව්‍යාකරණයේදී බොහෝ විට -(으)ㄴ/는 것은 아니다 (හෝ කෙටියෙන් 건 아니다) ලෙස යෙදේ.

• 토픽(TOPIK) 5급이라고 해서 다 한국어 원어민처럼 완벽하게 말하는 것은 아닙니다.
(TOPIK 5 වෙනි මට්ටම තියෙනවා කියූ පමණින්ම, සෑම දෙනාම කොරියානු ජාතිකයෙක් වගේම පරිපූර්ණව කතා කරනවා කියන්නේ නැහැ).

• 비싼 음식이라고 해서 다 맛있는 것은 아니에요.
(ගණන් වැඩි කෑමක් වුණු පමණින්ම, ඒ ඔක්කොම රසවත් වෙන්නේ නැහැ).
ක්‍රියා පද සහ විශේෂණ සමඟ:
මෙම රටාව නාම පද වලට පමණක් නොව, කෙලින්ම ක්‍රියා පද සහ විශේෂණ පද වලටද යෙදිය හැක. එවිට (이)라고 해서 වෙනුවට -다고 해서 (A/V) හෝ -ㄴ/는다고 해서 (V) යොදා ගනී.

가: 책을 많이 읽으면 다 똑똑해요? (පොත් ගොඩක් කියෙව්වාම ඔක්කොමලා බුද්ධිමත් වෙනවද?)
나: 책을 많이 읽는다고 해서 다 똑똑한 것은 아니에요. (පොත් ගොඩක් කියෙව්වා කියූ පමණින්ම, ඔක්කොම බුද්ධිමත් වෙන්නේ නැහැ).
පැවරුම්

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 가: 그 사람 첫인상은 좀 차가워 보였죠?
나: 네, 그런데 대화를 ________ 아주 따뜻한 사람이더라고요.
① 나누는 척해서
② 나누다니요
③ 나누고 보니까
④ 나눈다고 해서 다
2. 가: 내일 모임에 민수 씨가 못 온대요.
나: 네? 민수 씨가 ________? 어제 통화할 때는 꼭 온다고 했는데요.
① 못 오는 척했어요
② 못 온다니요
③ 못 오고 보니까
④ 못 온다고 해서 다
3. 어제 길에서 헤어진 여자친구를 우연히 봤지만, 너무 당황해서 못 ________ 그냥 지나갔어요.
① 본다니요
② 보고 보니까
③ 본다고 해서
④ 본 척하고
4. 비싼 ________ 맛있는 것은 아닙니다. 싸고 맛있는 식당도 주변에 많아요.
① 식당이라고 해서 다
② 식당인 척하니까
③ 식당이고 보니까
④ 식당이라니요
5. 아침에 바빠서 서류를 가방에 급하게 ________ 제가 찾던 그 서류가 아니었어요.
① 넣는 척했는데
② 넣는다니요
③ 넣는다고 해서 다
④ 넣고 보니까
6. 회의 시간에 너무 졸려서 눈을 뜨고 ________ 부장님께 혼났어요.
① 잔다니요
② 자는 척하다가
③ 자고 보니까
④ 잔다고 해서 다
7. 가: 오늘이 벌써 12월의 마지막 날이네요.
나: 시간이 이렇게 ________! 정말 믿어지지가 않아요.
① 빠르고 보니까
② 빠르다고 해서 다
③ 빠르다니
④ 빠른 척하니까
8. 한국 ________ 한국의 전통문화를 모두 잘 아는 것은 아닙니다.
① 사람이라고 해서 다
② 사람인 척해도
③ 사람이고 보니까
④ 사람이라니요
9. 사실은 그 비밀 이야기를 이미 알고 있었지만, 친구를 위해 모르는 ________.
① 척할 생각도 못 했어요
② 척다니요
③ 척했어요
④ 척하고 보니까
10. 가게에서 물건을 살 때는 몰랐는데, 집에 와서 옷을 직접 ________ 사이즈가 너무 컸어요.
① 입은 척하니까
② 입고 보니까
③ 입는다니요
④ 입는다고 해서 다

Saturday, April 11, 2026

TOPIK II Intermediate Level - Lesson 16

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
SL-NOTEBOOK
N만 하다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක ප්‍රමාණය, විශාලත්වය හෝ තරම තවත් දෙයකට (නාම පදයකට) සමාන කරමින් පෙන්වා දීමටයි. බොහෝ විට යම් දෙයක විශාලත්වය හෝ කුඩා බව අතිශයෝක්තියෙන් කීමට මෙය බහුලව යොදා ගනී.
"...තරම් වෙනවා / ...තරම් (ලොකුයි/පොඩියි)"

• 주먹 → 주먹만 하다 (මිටක් තරම් වෙනවා / මිටක් තරම් පොඩියි)

• 산 → 산만 하다 (කන්දක් තරම් වෙනවා / ලොකුයි)

• 손바닥 → 손바닥만 하다 (අත්ලක් තරම් වෙනවා)

නාම පදයක් විස්තර කිරීමට: (N만 한 + Noun)
• 주먹만 한 사과 (මිටක් තරම් (ලොකු) ඇපල් ගෙඩියක්)
그 사람 얼굴이 주먹만 해요.
ඒ කෙනාගේ මූණ මිටක් තරම් වෙනවා (ඒ තරම්ම පොඩියි).
V – (으)ㄹ 생각도 못 하다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් දෙයක් කිරීම "සම්පූර්ණයෙන්ම සිතාගත නොහැකි දෙයක්", "කරන්න හිතන්නවත් බැරි දෙයක්" හෝ "හීනෙකින්වත් හිතපු නැති දෙයක්" බව ඉතා දැඩිව අවධාරණය කිරීමටයි.
"...කරන්න හිතන්නවත් බැහැ / ...කරන්න හිතුවෙවත් නැහැ"

අපිට යම් දෙයක් කරන්න වෙලාවක් නැති වුණාම, සල්ලි නැති වුණාම, බය හිතුණාම හෝ යම් කිසි පුදුම සහගත දෙයක් වුණාම අපි මේක පාවිච්චි කරනවා.

• 가다 → 갈 생각도 못 하다 (යන්න හිතන්නවත් බැහැ)

• 먹다 → 먹을 생각도 못 하다 (කන්න හිතන්නවත් බැහැ)

• 만들다 → 만들 생각도 못 하다 (හදන්න හිතන්නවත් බැහැ)

오늘 너무 바빠서 밥을 먹을 생각도 못 했어요.
අද ගොඩක් කාර්යබහුල වුණු නිසා, බත් කන්න හිතන්නවත් බැරි වුණා (ඒ තරම් වැඩ තිබුණා).
සටහන:
මෙහි ඇති 도 (ත් / පවා) කියන අකුර නිසා තමයි මේ අදහස මෙතරම් ප්‍රබල වෙන්නේ. "අඩුම තරමේ ඒක හිතනවා කියන දේ පවා කරන්න බැහැ" කියන එකයි මෙහි නියම අදහස. සමහර අවස්ථාවලදී 생각조차 못 하다 (හිතන්නවත් බැහැ) ලෙසද මෙය භාවිතා කළ හැක.
V – (으)ㄹ 만하다

මෙම ව්‍යාකරණ රටාව ප්‍රධාන වශයෙන් අර්ථයන් දෙකක් සඳහා භාවිතා වේ.

1. යම් දෙයක් "කිරීමට වටිනවා" (Worth doing) යැයි වෙනත් කෙනෙකුට නිර්දේශ කිරීමටයි.

2. යම් දෙයක් 100% ක්ම පරිපූර්ණ නැති වුණත් "කරන්න පුළුවන් (කළාට අවුලක් නෑ / ඉවසන්න පුළුවන් මට්ටමක තියෙනවා)"


• 가다 → 갈 만하다 (යන්න වටිනවා)

• 먹다 → 먹을 만하다 (කන්න වටිනවා / කන්න පුළුවන්)

• 만들다 → 만들 만하다 (හදන්න වටිනවා)

1. යමක් නිර්දේශ කිරීම
• 그 영화는 정말 재미있어요. 한 번 볼 만해요.
(ඒ චිත්‍රපටිය ඇත්තටම ගොඩක් විනෝදජනකයි. එක පාරක් බලන්න වටිනවා).
2. 100%ක් පරිපූර්ණ නැතත්, පිළිගත හැකි මට්ටමක ඇති බව
• 이 식당 음식이 아주 맛있지는 않지만 먹을 만해요.
(මේ කඩේ කෑම ගොඩක්ම රස නැති වුණත්, කන්න පුළුවන් තරමේ / අවුලක් නැති මට්ටමක තියෙනවා).
아/어 볼 만하다
"-(아/어) 보다" (කරලා බලනවා) යන්න සමඟ එකතු වී, "-(아/어) 볼 만하다" (...කරලා බලන්න වටිනවා) ලෙස ඉතා බහුලව භාවිතා වේ. මෙය තවත් කෙනෙකුට යමක් Try කරලා බලන්න කියා නිර්දේශ කිරීමට හොඳම ක්‍රමයයි.
• 가다 → 가 볼 만하다 (ගිහින් බලන්න වටිනවා)
• 먹다 → 먹어 볼 만하다 (කාලා බලන්න වටිනවා)
A/V – 기로 유명하다, N(으)로 유명하다

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් ස්ථානයක්, පුද්ගලයෙක් හෝ දෙයක් කිසියම් විශේෂ කරුණක් නිසා ඉතා ප්‍රසිද්ධ බව හෝ හොඳින් ප්‍රචලිත වී ඇති බව ප්‍රකාශ කිරීමටයි.
"...නිසා ප්‍රසිද්ධයි / ...විදිහට ප්‍රසිද්ධයි"

• 사과 → 사과로 유명하다 (ඇපල් නිසා ප්‍රසිද්ධයි)

• 해산물 → 해산물로 유명하다 (මුහුදු ආහාර නිසා ප්‍රසිද්ධයි)

• 맛있다 → 맛있기로 유명하다 (රසවත් වීම නිසා ප්‍රසිද්ධයි)

• 많다 → 많기로 유명하다 (ගොඩක් තියෙනවා කියලා ප්‍රසිද්ධයි)

대구는 맛있는 사과로 유명해요.
Daegu (දේගු) රසවත් ඇපල් නිසා ප්‍රසිද්ධයි.

그 식당은 냉면이 아주 맛있기로 유명해요.
ඒ කඩේ නෙංමියොන් ගොඩක් රසවත් නිසා ප්‍රසිද්ධයි.
다음 빈칸에 알맞은 것을 고르십시오.
1. 이 영화는 요즘 가장 인기가 많아서 한 번 ________.
① 볼 만해요
② 볼 생각도 못 해요
③ 보기가 유명해요
④ 보던가 봐요
2. 동생 얼굴이 어찌나 작은지 주먹________.
① 만 해요
② 만 하고요
③ 으로 유명해요
④ 만 한 것 같아요
3. 요즘 일이 너무 바빠서 여행은 ________.
① 갈 만해요
② 갈 생각도 못 해요
③ 가기로 유명해요
④ 가는 길이에요
4. 대구는 여름에 날씨가 아주 ________.
① 덥기로 유명해요
② 더울 만해요
③ 더울 생각도 못 해요
④ 더운가 봐요
5. 그 식당은 비빔밥________ 전국적으로 알려져 있습니다.
① 으로 유명해서
② 기로 유명해서
③ 이 만해서
④ 을 생각도 못 해서
6. 친구가 추천해 준 책을 읽어 봤는데 정말 ________.
① 읽을 생각도 못 해요
② 읽기로 유명해요
③ 읽을 만하더라고요
④ 읽는 모양이에요
7. 집값이 너무 비싸서 서울에서 내 집을 마련하는 것은 ________.
① 마련할 만해요
② 마련하기로 유명해요
③ 마련할 생각도 못 해요
④ 마련하는 길이에요
8. 목소리가 어찌나 작은지 모기 ________ 들리지도 않아요.
① 소리만 해서
② 소리기로 유명해서
③ 소리일 만해서
④ 소리일 생각도 못 해서
9. 그 가수는 노래를 ________ 전 세계 팬들에게 사랑받고 있어요.
① 잘하기로 유명해서
② 잘할 만해서
③ 잘할 생각도 못 해서
④ 잘하나 봐서
10. 이 문제는 조금 어렵지만 끝까지 ________. 포기하지 마세요.
① 풀어 볼 생각도 못 해요
② 풀어 볼 만해요
③ 풀기로 유명해요
④ 푸는 중이에요

Saturday, March 28, 2026

TOPIK II Intermediate Level - Lesson 15

Welcome to SL-NOTEBOOK! In this lesson, we explore essential Korean grammars. Whether you are studying for the TOPIK exam or improving your conversational Korean, this guide will help you perfectly.
SL-NOTEBOOK
V – 게 하다

මෙම ව්‍යාකරණ රටාව අපි කලින් ඉගෙන ගත් 사동 (Causative - අනුන් ලවා කරවීම) වල තවත් එක් ආකාරයකි. මීට පෙර අපි ඉගෙන ගත්තේ වචනය ඇතුළටම එකතු වන කෙටි ආකාරයයි (-이/히/리/기/우-). මෙය එහි දිගු ආකාරයයි.
"...කරවනවා / ...කරන්න සැලස්වනවා / ...කරන්න ඉඩ දෙනවා"

මෙහි ප්‍රධාන අර්ථයන් දෙකක් තිබේ:

1. වෙනත් කෙනෙකු ලවා යම් දෙයක් කරවීම (අණ කිරීමක්, ඉල්ලීමක් හෝ බලපෑමක් මගින්).

2. වෙනත් කෙනෙකුට යම් දෙයක් කිරීමට ඉඩ දීම / අවසර දීම.

මෙය සාදන ආකාරය ඉතාමත් සරලයි. හල් අකුරක් (받침) තිබුණත් නැතත්, ක්‍රියා පදයේ හෝ නාම විශේෂණයේ මූලික රූපයට කෙලින්ම -게 하다 එකතු කරනු ලැබේ.

• 가다 → 가게 하다 (යන්න සලස්වනවා / යන්න දෙනවා)

අවස්ථාව 1: යම් දෙයක් අනුන් ලවා කරවීම
• 손님을 밖에서 너무 오래 기다리게 해서 죄송합니다.
(අමුත්තාට එළියේ ගොඩක් වෙලා රැඳී ඉන්න සැලැස්සුවාට / බලාගෙන ඉන්න සැලැස්සුවාට සමාවෙන්න).
අවස්ථාව 2: යම් දෙයක් කිරීමට ඉඩ දීම
• 엄마가 아이를 놀이터에서 놀게 했어요.
(අම්මා ළමයාට සෙල්ලම් පිටියේ සෙල්ලම් කරන්න ඉඩ දුන්නා).
-이/히/리/기/우- vs -게 하다
• 엄마가 아이에게 옷을 입혔어요. (-히-)
(අම්මා ළමයාට ඇඳුම් ඇන්දෙව්වා. මෙතන අම්මාමයි ළමයාට ඇඳුම් අන්දවන්නේ).
• 엄마가 아이에게 옷을 입게 했어요. (-게 하다)
(අම්මා ළමයාට ඇඳුම් අඳින්න සැලැස්සුවා / කිව්වා / ඉඩ දුන්නා. මෙතන අම්මා නියෝගයක් දුන්නා විතරයි, ඇඳුම් අඳින්නේ ළමයාමයි).
A/V –(으)ㄹ걸(요)

මෙම ව්‍යාකරණ රටාව කොරියානු කතා කරන භාෂාවේදී (Spoken Korean) ඉතා බහුලව භාවිතා වන අතර, මෙයට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රධාන අර්ථයන් (අවස්ථා) දෙකක් ඇත.
පළමුවැන්න අනුමානයක් කිරීම වන අතර, දෙවැන්න පසුතැවීමක් ප්‍රකාශ කිරීමයි. කතා කරන විට කටහඬ වෙනස් වන ආකාරය (Intonation) අනුව මේ දෙක වෙන්කර හඳුනාගත හැක.

ස්වරයකින් අවසන් වන විට (받침 X)
• 가다 → 갈걸요 | 비싸다 → 비쌀걸요

හල් අකුරකින් අවසන් වන විට (받침 O)
• 먹다 → 먹을걸요 | 작다 → 작을걸요

අතීත කාලය සමඟ 았/었을걸(요)
• 갔다 → 갔을걸요 (ගියා වෙන්න ඇති)
• 많았다 → 많았을걸요 (ගොඩක් තියෙන්න ඇති)

1. අනුමානය කිරීම / හිතන දේ කීම
තමන් හරියටම දන්නේ නැති වුණත්, "මම හිතන විදිහට නම් ...වෙන්න ඇති / ...වේවි" කියා තම අනුමානය ප්‍රකාශ කිරීමට මෙය යොදා ගනී. (වාක්‍යය අවසානයේ කටහඬ ඉහළට ගමන් කරයි ↗️).

가: 수진 씨가 지금 사무실에 있을까요? (සුජින් දැන් ඔෆිස් එකේ ඉඳීවිද?)
나: 아마 지금쯤 퇴근했을걸요. (සමහරවිට මේ වෙද්දි වැඩ ඉවර වෙලා ගිහින් ඇති / ගිහින් ඉඳීවි).
2. පසුතැවීම
අතීතයේ තමන් නොකළ දෙයක් ගැන, "අපරාදේ මම ඒක කරන්න තිබුණේ..." යැයි තමාටම මුමුණා ගනිමින් පසුතැවෙන විට මෙය යොදා ගනී. තමාටම කියා ගන්නා නිසා බොහෝ විට අගට '요' අකුර නොමැතිව යොදයි. (වාක්‍යය අවසානයේ කටහඬ පහළට ගමන් කරයි ↘️).

아, 우산을 가져올걸. (ආහ්, කුඩේ අරන් එන්න තිබුණේ - අපරාදේ අරන් ආවේ නැත්තේ).
A/V – 지 않으면 안 되다

මෙම ව්‍යාකරණ රටාව කොරියානු භාෂාවේ භාවිතා වන ද්විත්ව නිෂේධන (Double Negative) රටාවකි. මෙහි 지 않다 (නොකරනවා / නැහැ) සහ 안 되다 (බැහැ / වෙන්නේ නැහැ) යන සෘණාත්මක කොටස් දෙකක් එකට එකතු වී ඇත.
"...නොකරම බැහැ / අනිවාර්යයෙන්ම ... කරන්න ඕනේ"

ගණිතයේදී සෘණ සහ සෘණ එකතු වූ විට ධන (Positive) වෙනවා වගේ, මෙහි තේරුමත් ඉතා දැඩි ධනාත්මක අදහසක් (Strong Obligation) බවට පත් වේ. අපි සාමාන්‍යයෙන් දන්නා -아/어야 하다 (කරන්න ඕනේ) යන්නට වඩා මෙය ප්‍රබලයි.

• 가다 → 가지 않으면 안 되다 (නොගිහින් බෑ / අනිවාර්යයෙන් යන්න ඕනේ)

내일 중요한 시험이 있어서 오늘 공부하지 않으면 안 돼요.
හෙට වැදගත් විභාගයක් තියෙන නිසා, අද පාඩම් නොකරම බැහැ (අනිවාර්යයෙන් පාඩම් කරන්න ඕනේ).
කෙටි ස්වරූපය (Spoken Korean):
කතා කරන භාෂාවේදී බොහෝ විට 지 않다 කොටස වෙනුවට 안 (නැහැ) යන්න සහ 으면 වෙනුවට -(으)면 යොදා මෙය කෙටි කරයි. අදහසේ කිසිදු වෙනසක් නැත.
• 공부하지 않으면 안 돼요 → 안 하면 안 돼요. (නොකර බැහැ)
• 먹지 않으면 안 돼요. → 안 먹으면 안 돼요. (නොකා බැහැ)
V – 는 길에

මෙම ව්‍යාකරණ රටාව භාවිතා කරන්නේ යම් ස්ථානයකට "යන අතරමගදී" හෝ "එන ගමන්" වෙනත් අමතර දෙයක් කළා, කරනවා හෝ කරන්න යැයි පැවසීමටයි.
"...යන ගමන් / ...එන ගමන්"

මෙම ව්‍යාකරණයේ ඇති විශේෂත්වය නම්, මෙය බොහෝ විට ගමන් කිරීම් අඟවන ක්‍රියා පද (Movement / Directional Verbs) සමඟ පමණක් භාවිතා වීමයි. (උදා: 가다, 오다, 출근하다, 퇴근하다, 돌아가다, 내려가다).

• 가다 → 가는 길에 (යන ගමන් / යන අතරමගදී)

집에 가는 길에 슈퍼에 들러서 우유를 샀어요.
ගෙදර යන ගමන්, සුපර් මාර්කට් එකට ගොඩවෙලා කිරි ගත්තා.
-(으)면서 සහ -는 길에 වෙනස
-(으)면서:
ඕනෑම ක්‍රියා පද දෙකක් එකම වෙලාවේ කරන විට යොදා ගනී. (ගමන් කිරීමක් අනිවාර්යය නැත).
✅ 밥을 먹으면서 TV를 봐요. (බත් කන ගමන් ටීවී බලනවා).
❌ 밥을 먹는 길에 TV를 봐요. (වැරදියි - බත් කන එක Movement එකක් නෙවෙයි).
-는 길에 (On the way):
අනිවාර්යයෙන්ම A ස්ථානයේ සිට B ස්ථානයට භෞතිකව (Physically) ගමන් කරන අතරතුර කරන දෙයක් විය යුතුයි.

සටහන: 출근 (වැඩට යාම) සහ 퇴근 (වැඩ නිම වී ඒම) වැනි නාම පද සමඟ කෙලින්ම 길에 එකතු කර භාවිතා කළ හැක.
• 출근길에 차가 많이 막혔어요. (වැඩට යන ගමන් / යන පාරේ ට්‍රැෆික් එක ගොඩක් තිබුණා).
පැවරුම්

다음 빈칸에 알맞은 것을 고르십시오.

1. 선생님께서 학생들에게 어려운 책을 매주 한 권씩 ________.
① 읽는 길에
② 읽을걸요
③ 읽게 하셨어요
④ 읽지 않으면 안 돼요
2. 가: 지금 전화하면 지수 씨가 받을까요?
나: 아마 지금 회의 중이라서 전화를 ________.
① 못 받을걸요
② 못 받게 해요
③ 못 받는 길에
④ 못 받지 않으면 안 돼요
3. 이 약은 독하기 때문에 반드시 밥을 먹은 후에 ________.
① 먹을걸요
② 먹게 합니다
③ 먹는 길에
④ 먹지 않으면 안 됩니다
4. 퇴근하고 집에 ________ 슈퍼에 들러서 우유 좀 사다 줄래요?
① 가게 해요
② 가는 길에
③ 갈걸요
④ 가지 않으면 안 돼요
5. 제가 몸이 너무 아파서 부장님께서 오늘은 일찍 집에 ________.
① 갈걸요
② 가게 하셨어요
③ 가지 않으면 안 돼요
④ 가는 길에
6. 가: 이번 주말에 제주도로 여행 가는데 날씨가 좋을까요?
나: 일기예보에서 계속 비가 온다고 했으니까 아마 날씨가 ________.
① 안 좋게 했어요
② 안 좋지 않으면 안 돼요
③ 안 좋을걸요
④ 안 좋은 길에
7. 외국인이 한국에 계속 머무르려면 기간이 끝나기 전에 비자를 꼭 ________.
① 연장하는 길에
② 연장할걸요
③ 연장하게 해요
④ 연장하지 않으면 안 돼요
8. 학교에서 집으로 ________ 우체국이 보여서 편지를 부쳤어요.
① 오는 길에
② 오게 했어요
③ 올걸요
④ 오지 않으면 안 돼요
9. 추운 겨울에 친구를 밖에서 30분이나 ________ 정말 미안했어요.
① 기다리는 길에
② 기다릴걸요
③ 기다리지 않으면 안 돼서
④ 기다리게 해서
10. 가: 새로 개봉한 그 영화가 재미있을까요?
나: 벌써 천만 명이나 봤다고 하니까 아마 엄청 ________.
① 재미있게 했어요
② 재미있을걸요
③ 재미있는 길에
④ 재미있지 않으면 안 돼요

Featured Article

4급 1과 문법

SL-NOTEBOOK: 4급 1과 SL-NOTEBOOK 4급 1과 - Master Class අද අපි ඉගෙන ගන්නේ දෛනික ජීවිතයේදී...